එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Monday, February 27, 2017
වින්දන
දිළියෙන උණු අළු මිරිකා විඳගමි සිසිලස
කරදිය දෝතක් බී විඳගමි එහි මිහිරස
ගුගුරණ අකුණට කන්දී විඳගමි ගී රස
එනමුදු විඳගනු බෑ තැවුලින් පෑරෙන හිස
(2017 පෙබරවාරි)
Tuesday, February 14, 2017
අඳුරු සෙවනැළි
එක පුන් සඳක් මොකටද අඳුරු සෙවනැළි හදන
ඇති තරු දෙකතුනක් එළිය යන්තම් පිරිමහන
මහ සයුරක් මොටද බොන්න බැරි දිය තියෙන
මේ පිණි කඳුළු ඇති පවස යන්තමට වත් සිඳින
(2017 පෙබරවාරි)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)