හීනයක් හෝ
බලාපොරොත්තුවක් රමණීය වන්නේත් සුමටව විඳිය හැකි වන්නේත් එය එසේ පවතිනතුරු පමණි. එහිම තලදර්පන ප්‍රතිබිම්භය
බඳු යථාර්තය අමිහිරිය, කටුක විඳවීමකි. අප බොහොමයක් රසවිඳි ගීත දෙකකුත් ඒ හා බැඳී
සිදුවීම් දෙකකුත් මේ යථාර්තය උදාහරණ ඇසුරින්ම පැහැදිලිකරතියි සිතමි. ගීතයක, කවියක හෝ සිතුවමක අර්ථය
තේරුම්ගැනීමත් රසවිඳීමත් රසිකයාට ම බාරය. එකිනෙකට වෙනස් සිත් ඇති අපි, විවිධ දේ විවිධාකාරයෙන් ග්‍රහණය කරගනිමු. ඒ අදහස් එකිනෙකට වෙනස් වා මිස, එකක් නිවැරදි ද අනෙක්වා වැරදි ද නොවේ. සිය-දහස් වතාවක් ඔබ අසා ඇති මේ ගීත වල තේරුම්
කීම, ගහ දන්නා අයට කොල කඩා පෑම තරම් නොමේරූ කමක්යැයි සිතමි. ඉතින් මම පසුබිම් කතාවම පමණක් කියමි.
මුල් කොටස...
හන්තාන
සිහිනේ...
දරා නෙත්
අග දොවා සිත් මල
ගොතනු
මැන ළඳුනේ...
සංසාර
සිහිනේ...
වැහි
පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ
තුරුළු වෙන්නට
බිසෝ හැර
ගිය ළසෝ රඟහල
අමාවක
අඳුරේ...නොයෙනු මැන ළඳුනේ...
බලා
වැලපෙමි.....
වඩින
තුරු සඳ දුරින් ඉන්නම්
තරු
ඇදුරු පෙම් ගී අහන්නම්...
සොඳුරු ඒ
සඳ දියේ එන්නම්
ඉඳිනු
මැන සොඳුරේ...
හන්තාන
අරණේ....
හන්තාන
සිහිනේ......
ගායනය -
පණ්ඩිත් අමරදේව සහ උමාරියා සිංහවංශ
පද -
ජානක සිරිවර්ධනයන්ය
සංගීතය -
අරුණ ගුණවර්ධන
අමරදේවත් උමාරියත් එකට එකතුවෙලා
ගයන ජානක සහ අරුණ ලියලා තනු දාපු “හන්තාන සිහිනේ”
කියන ගීතය කලකට පෙර මට අහන්න ලැබුණා. එක අහද්දි මට මේ පද ටික ලියපුකෙනා මොනතරම්
අලංකාර හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇතිදැයි හිතුනා. ඒ වගේම මේ පද පේරාදෙණිය සරසවියෙදී
සරසවියත් ජීවිතයත් විඳි කෙනෙකුගේම වෙන්නට ඇතැයි සිතුනා.
පහුගිය
කාලයේ පේරාදෙණිය සරසවියේ එක්තරා මහැදුරෙක් සහ ඔහුගේම ශිෂ්‍යාවක් අතර ඇතිවූ පෙම්
සබඳතාවක් රටම කම්පාවට පත්කලා! අමරදේව-උමාරියා-ජානක-අරුණ සුසංයෝගයෙන්
උපන් “හන්තාන සිහිනය” ආදරයෙන් බදා වැළඳගත් මේ මිනිස්සුම ඒ හීනයම යථාර්තයක් වුනාම ඒක
තිරිසන්නු වගේ කෙලෙසන අරුමය ටිකක් හිතාගන්න අමාරු වුනා. මහැදුරුකම තනතුරක්, එතැන ඇත්තටම ඉන්නේ තමන් වගේම ලේ-මස්-ඇට වලින් තැනුණු තමන් වගේම හිතන පතන
මනුස්සයෙක් නේදැයි හිතාගන්නත්, මේ දෙදෙනාම තමාගේ
ජීවිතය ගැන තීන්දු-තීරණ ගන්න පුළුවන් අන්දමින් කායිකවත්-මානසිකවත් වැඩුණු මිනිස්සු
බව තේරුම් ගන්නත්, අඩුම තරමේ “ මේවා තමන්ට සත
පහකට වැඩක්නැති අනුන්ගේ ප්‍රශ්න නේ!” කියල හිතල තමන්ගේ වැඩක් කරගෙන, අනුන්ට ආවඩන්නවත් ගල් ගහන්නවත්
යන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න හිතහදාගන්න ගොඩදෙනෙකුට අමරුවුනේ ඇයිද කියලත් හිතුන. එක අතකට ඕක
මනුෂ්‍ය ස්වභාවයනේ කියල හිතුනත් මේවගේ සංවේදී කාරනා වලදි මනුෂ්‍ය ස්වභාවයට වඩා “අමනුෂ්‍ය
ස්වභාවය” වටිනවා කියලත් හිතුනා.
හොඳම කොටස..
ඉඩ ලබාගනිමු
තරමින් වියතක්
හඳ පානේ මද
අඳුරේ අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ
හෙවණැල්ලෙන් මිදී
මම මගෙ
හෙවණැල්ලෙන් මිදී
අවුදින්
හෙමින් රහසින් මුමුණා
හඳ පානේ මද
අඳුරේ
හඳ පානේ මද
අඳුරේ අත් පටලා යමු ආයේ...
හිරකර
හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු
සපුරා පැතුම්
මතු ආත්මයේ
හමුවෙන පැතුමින්
යමු වෙන්වී
හිමිදිරියේ
හඳ පානේ මද
අඳුරේ අත් පටලා යමු ආයේ...
ගායනය සහ
සංගීතය - වික්ටර් රත්නායක
පද - ප්‍රේමකීර්ති
ද අල්විස්
දශක ගණනකට පෙර ප්‍රේමකීර්ති
- වික්ටර් සුසංයෝගයෙන් බිහිවුණු මේ අදහස් ගීතයක්ව ගීතයක්ව තියෙනතාක් ධර්මිෂ්ඨ
සමාජය බදා වැළඳගත්තා. අහෝ! ඒ ප්‍රාර්ථනයම
නිර්මාණයේ සමඋරුමකරුවෙකු විසින්ම මල්ඵල ගැන්වූකල, පළමු ගල ගැසුවේ තවමත්
ඔහුගේ සුළඟිල්ලේ එල්ලී ඇවිදින ඔහුගේම දඩබ්බර බඩ-පිස්සා ය. ඔහු තමාගේ ජංගම දුරකථනය ඉදිරියේ හඬමින්-වැළපෙමින් කෝටි දෙකකට ආසන්න සිංහල තේරෙන ජනතාවගෙන් තාත්තාගේ
දේපළ ටික පුන්චිඅම්මාගෙන් බේරාගෙන අපිට දෙන්නැයි උපකාර ඉල්ලාසිටි හැටි! අහෝ එවන් _පුතෙක්!. අඩු වැඩි වශයෙන් ඒ සිද්ධියෙන් කම්පිතවූ ලක්ෂසංක්‍යාත දූ-පුතුන් ඉන් කුල්මත්ව උපකාර-උපහාර දුන් හැටි! "හක්කේ බුදුරැස්-බොක්කේ දඩමස්" කියා කියමනක් තිබේ. නමුත් දැන් තත්වය වෙනස් ය. දඩමස් පමණි.



No comments:
Post a Comment