නිදහස් අද්‍යාපනයෙන් නිදහස්වීම

ලංකාවේ මෙතෙක් පත්වුණු සවුක්‍ය ඇමතිවරු, අද්‍යාපන ඇමතිවරු, ජනාධිපතිවරු බොහෝදෙනා  නිදහස් අද්‍යාපනයේ ප්‍රථිඵල නෙලාගෙන තෘතීක අද්‍යාපනය ලබපු උදවිය. උදාහරණයක් හැටියට එස්. බී. දිසානායක සහ රාජිත සේනාරත්න ඇමතිවරු උපාධි ධාරීන්, ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන ඩිප්ලෝමා ධාරියෙක්.

ලංකාවේ නිදහස් අද්‍යාපනය බිඳවට්ටන්න බොහොමයක් විදේශීය බලපෑම් තියෙනවා මොකද ලංකාවේ අද්‍යාපනයට හොඳ වෙළඳපලක් ඇතිබවත් නිදහස් අද්‍යාපනය ඔවුන් මුහුණදෙන විශාල ම භාදකය ලෙසත් ඔවුන් තේරුම් අරං තියනවා. ඒ නිසා ලංකාවේ නිදහස් අද්‍යාපනය බිඳවැට්ටවීමට ඔවුන් කල හැකි සෑම දෙයක්ම කරනවා.

රටේ නීති රීති හදන්නෙත්, ඒවා ක්‍රියාත්මක කරවන්නෙත්, ගැටළු ඇතිනම් සොයාබලන්නෙත්  නිදහස් අද්‍යාපනයෙන්, වෙන ආකාරයකින් කියනවනම් පොදු ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත්ත උදවිය. ඒ මදිවට  නීති රීති අණපනත් සම්පාදනය කරන සහ ඊට හවුල්වන උදවිය  ජනතාවගේ ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන මහජනතාවගේ කැමැත්තෙන් තේරී පත්වෙච්ච උදවිය. ඒ කියන්නේ ඔවුන් ජනතාවගේ පරම විශ්වාසය නියෝජනය කරනවා.

අවාසනාවකට ලංකාවේ මෙතෙක් පත්වෙච්ච, නිදහස් අද්‍යාපනය ලබපු සෑම අද්‍යාපන ඇමති කෙනෙක් ම  සහ ජනාධිපතිවරයෙක් ම නිදහස් අද්‍යාපනය විනාස කරන්න විවිධාකාර ප්‍රමාණ වලින් ඍජුව හෝ වක්‍රව උදව් උපකාර කරලා තියනවා. ඒ විතරක් නෙවෙයි  ඒ එක් එක් අවස්ථාවේදී , ඒ ඒ අණපනත් සඳහා චන්දය පාවිච්චි කරපු සහ විරෝධය නොදැක්වූ සෑම මන්ත්‍රී කෙනෙක්ම, ඇමති කෙනෙක්ම ඒ ගොන්නට අයිතියි. මේ හැමෝම කරලා තියෙන්නෙත්, කරමින් තියෙන්නෙත් නීච පාවාදීමක්!

සිංහයන් සේ ලිඳෙන් වතුර බීල ලිඳට ගල් ගැසීමත්, ලැජ්ජා නැතිව ගඟට ආවැඩීමත් දිහා බලනකොට අපට තේරුම් යන්න ඕන දේවල් එමටයි. මේ රංචුව එකතුවෙලා තඩි මීයක් කඩන්නෙ අත ලෙවකන්න නොවන බව. මොවුන් ක්‍රමානුකූලව ලබ්බට අත තබා ඇති බවත්, ඒ අත ඕනෑම පුහුලකට තබන බව. මේ  ගොනුන් ඉතිරි පොල් පැල ටිකත් කන්නට ආසන්න බව. ඔවුන් යම් දිනක අප එක් එක් අයගේ දොරටුවලටත් තට්ටු කරන බව සහ එවිට අප පරක්කු වැඩිවියහැකි  බව. ඉහිරවාගත් කිරට අඬා පලක් නැති බව, සහ තවත් බොහෝ දේ...


‘ දිනක උන් ඉතිරි පොල් පැල ටිකත් කනු ඇත! ’

(09/02/2017)

No comments:

Post a Comment