එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Saturday, March 31, 2018
ඔටුනු මොහොකටද...
ඔටුනු මොහොකටද වටකර කටු
තියෙන
සිහසුන්
මොටද යට බොරු වලවල්
තියෙන
මාලිග කිමට හබකක් නම්
චප්පවෙන
හිඟමන හොඳයි නොගෙවන්නට ණය
තියෙන
(2018 අප්‍රේල්)
Monday, March 12, 2018
ඈ
නුදුරින්
පායන
හිනාව
ඉඳුරන්
සනසන
ඉනාව
සොඳුරින්
පවසන
කතාව
අදරින්
නළවන
ලතාව
(2018 මාර්තු)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)