එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Friday, August 31, 2018
කළින් වැඩි බඹරු!
සුළං හැමුවට - සුවඳ අරගෙන
ඔහේ වැනුනට - රුවට පැහැයට
ඉතිං බඹරුනි! -
තොපි කලින් වැඩි
මල් පොහොට්ටුව -
තව පිපී නැති...
(2018 අගෝස්තු)
Friday, August 17, 2018
නූතන ‘චේ’ ලා ...
(
‘
නිව්ටන්
’
ගේ දැනගැනීම පිණිසයි.)
තට්ටුවෙ ලැගගෙන
ලොරිය තල්ලුකර
ගමන වෙනස්කල
විරුවන් වෙමු අපි..
එහෙව් අපට අද
මේ සිස්ටම් එක
වෙනස්කරන එක
රටකජු වගෙ බොල..!
(2018 අගෝස්තු)
Thursday, August 16, 2018
අඳුරට ගොදුරක්ව
මහදවල්,
ප්‍රඤ්ඥාවේ
හිරු
මෝහයේ අළු-ධුලි වළාවෙන් වැසීගියවිට
ඉතිරිවන තද අඳුර...
ආගමයි
(2018 අගෝස්තු)
Monday, August 13, 2018
අවශ්‍ය ද්‍රව්‍ය
මා
සුදු කරදාසියක් ද
පැන්සලක් ද
පින්සලක් ද
ඔබට දෙමි
ඔබ ඔබේ රසවත්ම පරිකල්පනය සිතුවම්කර
විසිතුරුම පාටින් පාටකරගන්න
ඒ සඳහා
ඔබේ
සොඳුරු අදහස් පිරී උතුරණ මනස ද
දේදුනු පාට හැඟුම් පොපියන හදවත ද
රැගෙන එන්න...
(2018 අගෝස්තු)
Sunday, August 12, 2018
කොයි ආගමත් එකවගේලු..!
අතේ ඇඟිලි එකවගේ ද
?
ඇඟිලි තමයි!
,
එකවගේ ද
?
හැටිද
?,
මෝඩ කමද
?,...
මේක
නූගත් මුං ගෝන්නුන් ද
?
(2018 අගෝස්තු)
Thursday, August 9, 2018
ඔන්න බබෝ..!
‘
කයිය
’,
‘
හප්පා
’
දැන් එන්නෑ
වෑන් එකෙන්
‘
ගුරු
’
එනවා
චූටි ළමයි අල්ලනවා
blood
චුට්ටක්
check
කරලා
kidney
එහෙම ගලවනවා
හබුං කටයි - බත් දෙකටයි - මගේ පුතා ඔක්කොම කයි..!
'පටස්-ගාල' ලොකු නොවුනොත් - 'ටකස්-ගාල' උන් ගලවයි ..!
(2018 අගෝස්තු)
අහෝ, දෙව්දත් නොදුටු මොක්පුර..!
'පස්වග මහණුන් හත්දෙනා' ,
'සපත්තු-බල්ලුක' සහ
'චුලෝදර-පයෝදර' සමඟ
හිරිගඩු සෑය වැඳගත්
දහම්පාසැල් කාලයක්
මටත් තිබුණා...
අප්පච්චියේ මම ලබපු දැනුමක්..!
(2018 අගෝස්තු)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)