Tuesday, May 5, 2020

සුභ-අසුභ

නෙක නෙක පද ඇමිණීම
පදයෙන් පදය      ගෙතීම
කරුණක් ලඝුව      දැකීම
හරි අසුභයි කාටත්...

කන්දක් කෙන්ද      කිරීම
කිඹුලන් කොරහෙ දැකීම
කබරයි තලගොයි      වීම
සුභ නෑ නෙව කාටත්...

විචාරවත් බව        සේම
හොඳහැටි තර්ක කිරීම
කරුණක් ඍජුව  දැකීම
හරිම සුභයි කාටත්...

(2020 මැයි)