Friday, July 5, 2019

ජරමරේ


රකින්න බඩ ගෝස්තරේ
වික්කම මගේ සාස්තරේ
කළුවරේ
මොකදෑ බරබරේ...


(2019 ජූලි)

Sunday, April 21, 2019

Facebook

Facebook නොතියෙන්න
මුං මාව වළලලා
හුඟක් කල්...

ඒ අස්සේ සම-හරක්
වැළලෙන්න හදනවා
විහින්...


(2019 අප්‍රේල්)

Sunday, March 3, 2019

දැනෙන - නොදැනෙන


මළදාට මගෙ තනිය මකන්නට      දෙයක් නෑ
පණතියෙන කාලෙදිත් උඹ දුන්නු  දෙයක් නෑ
අඬන්නට ඒ පැත්තෙ නොආවත්     කමක් නෑ
ගඳගහන මළකුනට දැනෙනා         දෙයක් නෑ


(2019 මාර්තු)

Sunday, January 27, 2019

අඳුරු එළි


බස්සා බුක් ගහන -          උලමා හඬනකොට
කඩියා උඩු බුරන -        කන්පට ගහනකොට
තද කරුවලේ තිර-එළි පණ         අදිනකොට
මා ගුළි වෙන්නෙ අත්තම්මගෙ       තුරුල්ලට


(2019 ජනවාරි)

Sunday, January 20, 2019

පාට පාට !!

සුදු පාට       කළු පාට
රන්වන්         රිදී පාට 
දේදුන්නෙ නෙක පාට
අතර ලා       අළු පාට
තමයි මගෙ   හරි පාට


කිරි පාට    පලිඟු කැට
නිල් පාට  කොළ පාට
ජලේ ඇති   බෝ පාට
අතර ඇති  බොර පාට
තමයි මගෙ   හරි පාට


නීල කැට     රක්ත කැට
ණූල් හය   තියෙන කැට*
අතර ඇති බොරළු කැට
වට තියෙන    ගුරු පාට
තමයි මගෙ      හරි පාට


*ආරුණූල - 'Arunula' is the local term that refers to a six pointed star (Asterism in gemstones).


(2019 ජනවාරි)