දේදුන්නෙ නෙක පාට
අතර ලා අළු පාට
තමයි මගෙ හරි පාට
කිරි පාට පලිඟු කැට
නිල් පාට කොළ පාට
ජලේ ඇති බෝ පාට
අතර ඇති බොර පාට
තමයි මගෙ හරි පාට
නීල කැට රක්ත කැට
ණූල් හය තියෙන කැට*
අතර ඇති බොරළු කැට
වට තියෙන ගුරු පාට
තමයි මගෙ හරි පාට
*ආරුණූල - 'Arunula' is the local term that refers to a six pointed star (Asterism in gemstones).
(2019 ජනවාරි)

No comments:
Post a Comment