එක්ස්අඩවිය
පුපුරණ සිතිවිලි පොකුරු
Sunday, January 27, 2019
අඳුරු එළි
බස්සා බුක් ගහන -
උලමා හඬනකොට
කඩියා උඩු බුරන -
කන්පට ගහනකොට
තද කරුවලේ තිර-එළි පණ
අදිනකොට
මා ගුළි වෙන්නෙ අත්තම්මගෙ
තුරුල්ලට
(2019 ජනවාරි)
Sunday, January 20, 2019
පාට පාට !!
සුදු පාට
කළු පාට
රන්වන්
රිදී පාට
දේදුන්නෙ නෙක පාට
අතර ලා
අළු පාට
තමයි මගෙ හරි පාට
කිරි පාට පලිඟු කැට
නිල් පාට කොළ පාට
ජලේ ඇති බෝ පාට
අතර ඇති බොර පාට
තමයි මගෙ හරි පාට
නීල කැට රක්ත කැට
ණූල් හය තියෙන කැට
*
අතර ඇති බොරළු කැට
වට තියෙන ගුරු පාට
තමයි මගෙ හරි පාට
*ආරුණූල - 'Arunula' is the local term that refers to a six pointed star (Asterism in gemstones).
(2019 ජනවාරි)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)