Friday, December 17, 2021

ප්‍රේමයේ වැඩි උරුමය මතු පරපුරට ය!









ගංදිය කිසිදින ඉහලට        ගැලුවාද?
ගස් වැල් වල මුල් ඉහළට   ඇදුනා ද?
නුග බිජු ගස මුල විතරක් පැලවේද?
සමහර දරුවන් ලොවටය දායාද ...

සිතිවිලි දැන් රැඩිකල් මදිවා       වත්ද?
නොස්ටැල්ජික් සිත ගම-රට දිව යා ද?
ප්‍රේමය මතු පරපුර උදෙසා        නේද?
මව්පිය පෙම දරුවන්ටය දායාද ...


(2021 දෙසැම්බර්)


Thursday, April 1, 2021

මෙ...රු

ඉරේ දිළුම අහසට වැඩි නැතුවාය

        මහමෙර උනත් පොළොවට බර නැතුවාය 

සුළි සුළඟටත් බට ලඳු ඉවසුම් දේය

        රැව්වත් ගෙරෙව්වත් නුඹේ පෙම අඩු නෑය...


(2021 අප්‍රේල්)

Saturday, March 13, 2021

හීන

තරු නැති කරුවල අහසක නුඹ මැද දිලිසිච්ච...
       තිසිජය ළඟ ලා තරුවක් හෙම තිබුනෙම නැද්ද?
මං දුටු හැම හීනෙම උඹ මලසුන මැද පිච්ච...
       එකමෙක හීනෙක වත් උඹ මා දුටුවෙම නැද්ද?



(2021 මාර්තු)

Saturday, March 6, 2021

ගෝජස් මල්

මලක් ගෝජස්(gorgeous) තමයි පිණි බින්දු හැලුනාම
සමනල්ලූ දැවටෙන්නේ හොඳින් ඔප           වැටුණාම
බඹරු එහෙමත් සිඹියි මකරන්ද                  පිරුණාම
කොමළ මල් දැඩි වෙන්නෙ ජීවිතය                 දුටුවාම








(2021 මාර්තු)