Thursday, May 31, 2018

රසම සරම

මේ...
සමරෙ,
සමරිසි
සමරසිරිගේ
සරමේ
සමර !


(2018 මැයි)

Friday, May 25, 2018

සුදු කුමුදු පෙති

පිණි පබළු වැටිලා මිණි මිණී
සඳ රේණු දිය මත නළියතී
සුවඳ නළ දිය මත එතී
පෙණ නගන රළ පෙළ උපදතී...

කුරුළු කෙළි කිචි බිචි නැතී
සැම සවන් නිරවුල් වී ඇතී
නළ සමඟ දඟකර කර නිතී
සුදු කුමුදු පෙති විසිරී යතී...

ඇස් තාරුකා නිවි නිවි දිලී
සොඳ සුපෙම් කැල්මන් වගුරතී
මගේ දෙතොල් කම්මුල්වල එතී
ඇගේ කොපුල් විළිකුන් වී යතී...



(2018 මැයි)

බස මරණු ලැබේ !

talk කල විට
" බසකට නිම් හිම් නැත! "
අදහස top එකට
දැනෙනකොට හැමටම
තවත් මොකටද අපට ‘නණ’ ‘ලළ’

වචන ටික kiss කර
language cross කර
බැඳපු පද වැල් ටික
වැවෙන හැඩ බල සරුවට..!

දළු ටික කඩාගෙන
හින්නට ලියාගෙන
පොල් දා මලවගෙන
අනාගෙන කන්න ගුණදායකය, බත් කන අයට..!

මෙය බස මැරීමය
කියන උගතුන් ‘නූ’ මය
පිළිවෙලකට අනාගතහොත්
කතහැකිය තළුමරමින..!



(2018 මැයි)

Wednesday, May 16, 2018

තනි-කළුගල


ගල් සහ බෝල් පිළිම
අතර ඇති වෙනස 
තේරුනේ ගොඩක් පස්සෙලු!
හොඳයි, දැනගත්තාම කියමුකෝ 
ඉතිං මට මොකද..? 



(2018 මැයි)

භවතරණය


කෙහෙල් කොට ඔරුවක නැගිලා
එතෙරවෙමු මේ භවේත්
පණ්ඩිතකම් නැතිව
අපිට ඕනෑ හැටියකට...!



(2018 මැයි)