සඳ රේණු දිය මත නළියතීසුවඳ නළ දිය මත එතී
පෙණ නගන රළ පෙළ උපදතී...
කුරුළු කෙළි කිචි බිචි නැතී
සැම සවන් නිරවුල් වී ඇතී
නළ සමඟ දඟකර කර නිතී
සුදු කුමුදු පෙති විසිරී යතී...
ඇස් තාරුකා නිවි නිවි දිලී
සොඳ සුපෙම් කැල්මන් වගුරතී
මගේ දෙතොල් කම්මුල්වල එතී
ඇගේ කොපුල් විළිකුන් වී යතී...
(2018 මැයි)
No comments:
Post a Comment