Friday, May 25, 2018

බස මරණු ලැබේ !

talk කල විට
" බසකට නිම් හිම් නැත! "
අදහස top එකට
දැනෙනකොට හැමටම
තවත් මොකටද අපට ‘නණ’ ‘ලළ’

වචන ටික kiss කර
language cross කර
බැඳපු පද වැල් ටික
වැවෙන හැඩ බල සරුවට..!

දළු ටික කඩාගෙන
හින්නට ලියාගෙන
පොල් දා මලවගෙන
අනාගෙන කන්න ගුණදායකය, බත් කන අයට..!

මෙය බස මැරීමය
කියන උගතුන් ‘නූ’ මය
පිළිවෙලකට අනාගතහොත්
කතහැකිය තළුමරමින..!



(2018 මැයි)

No comments:

Post a Comment