Monday, September 24, 2018

තියුනු-උණු-කරුණු


අහසේ ගුගුරණා මොණරුන් දකින  විට
ඉගිල යන්න හිතෙනව මට උපන්  ගෙට
සතා - සීපාවා - ගහකොළ - මල් දෙවැට
මතකෙට එනව දෙතනගලේ නිල්   පාට

රුක්අත්තනේ පය පාමුල   සිසිළෙන්ද
ගුම්නඳ එතැන සහ සීතල     සුළඟින්ද
දන්නා කියන ලේනුන් සහ     ගිරවුන්ද
මයෙ රත්තරනෙ උඹලට මා මතකයිද?



(2018 සැප්තැම්බර්)

No comments:

Post a Comment