Wednesday, November 28, 2018

අලිමන්තර


තේරුම් නැති වචන තැන තැන පටවාලා
පට්ටම පරණ උපමා-උපමේ           දාලා
යෙදුම්-පොරටෝක් ගැප් වල රින්ගෝලා
සමහරු ලියයි මරු කව්-ගී ඩම්         දාලා

ඒ මදිවාට සමහරු ලිව් පොත්          ඒම
තේරුම්ගන්න කතුවරු අමුණල       ඕන
හෙණ-ගැහුවා වගේ වෙන්නැති  කිව්වාම
කට-කහනවා, නොකියත් බෑ පෙනුණාම



(2018 නොවැම්බර්)

No comments:

Post a Comment