රාහු
කාලෙ ගලෝලා
![]() |
| කොට්ට ලීයෙන් තැනූ F-22 දඬු-මොණරයක් |
නැකත්
එහෙම බලාලා
පුළුං
ලීය තියාලා
තිත්ත
වැලෙන් බැඳාලා
ඉරට
කෑලි ගසාලා
ඇණ
කොහොල්ලැ අලෝලා
තාක්සනේ
දමාලා
හැදුවෙ
මේක මලෝලා
~ ~ ~ ~ ~ ~ ~ ~
හැදුවා
මම යන්තරේ
මේ
උඹලගේ දඬුමොනරේ
ජෙට්-ඇන්ජින්-රොකට්
තියා
මගුලක්වත් නෑ මේකේ
තෙලකට
කියලා දැම්මෙත්
සුරේ
ඇතුලෙ බිංදු දෙකයි!
එත්
ඉතිං මැජික් බලෙන්
යනව
මේක ආකාසේ
~ ~ ~ ~ ~ ~ ~ ~
~ ~ ~ ~ ~ ~ ~
කොන්ඩ
බැඳන් බලාපියව්
කෙළ හල-හල අසාපියව්
තළු මර මර කියෝපියව්
හූ මිටි හෙම තියාපියව්
උඩ යන හැටි මන්තරෙන් කතන්දරේ
හූ මිටි හෙම තියාපියව්
උඩ යන හැටි මන්තරෙන් කතන්දරේ
අන්දරේගෙ
මරුම-මරු කතන්දරේ

No comments:
Post a Comment