ගමයා ගියේ හේනට රැකලා එන්න
කොටියා කාවි හිතිලා මුත්තර පැන්න
ගැම්මට ඇදලා ඇල්ලුව වලිගෙන් ඔන්න
කොටියා ඒ පැත්තෙ ගමයා මේ පැත්තේ
සියඹලා ගස් දෙකකි ඒ අතරෙන් ඇත්තේ
සංතෑසියෙන් කොටියට මළ-පැන ඇත්තේ
අතහැර යන්න බෑ ගමයට මේමත්තේ
අපිලාවමව අපිලා පාලන කොරණ
ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් ය හෙන
සුද්දා මොළේ බැස්සූ නැව් සයිස් ඇණ
දෙකතුනකින් එකක් මේ මට මතක්වුන
ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳය කියා අප සිතන්නේ, එසේ සිතන්නට උගන්වා ඇති සමාජයක අප උපත ලද නිසාය.
(2018 දෙසැම්බර්)

No comments:
Post a Comment