රන්වන් පාට ඩෝනට් ය
රෝස පැහැ ස්ට්‍රෝබෙරි ඩෝනට් ය
අතරින් පතර චොක්ලට් දැමූ අඳුරු පැහැ ඩෝනට් ය
ඇයි... දේදුනු කුඩු දමා වැඩ දැමූ විසිතුරු ඩෝනට්...අතිශයින් උන්මාදනීයයි!
විවිධාකාර රසයෙන්, හැඩයෙන්, පාටින් සහ ප්‍රමාණවලින්
මිලත් සාධාරණයි, පරතරය යාන්තම් තුනී විදුරුවකුයි
ඒවුනත්...කෙහෙම්මල් කෑවාම,.. හැමෝටම හැදෙනවනේ කැක්කුමක්***
මට නැතත්...
-------------------------------------------------------------------*** අත්තම්මාගේ අවවාදය:
කෑවොතින් කඩචෝරු ආයෙමත්...!
පණුවො කයි උඹේ ඉතුරු දත් දෙකත්...!!
වරෙන්කෝ කැක්කුමයි කියාගෙන ආයිමත්...!!!
No comments:
Post a Comment