ඔබ තෙමෙනවා...
හිටියානම් ඔබේ ලඟින් තෙමෙන්නේ ඔබ නොවේ මමයි
කවදාවත් ඒ වැස්සේ
ඔබ තෙමෙන්නේ නෑ...
සුලැඟිල්ලක එල්ලීගෙන
පොද වැස්සේ - සැඩ සුළගේ
බොර වතුරේ - මද අඳුරේ
ඔබ අද පිය නඟනා මගඔබට ඔයතරම් මිහිරිද...?
ඔය වැටෙන්නෙ වැස්ස නෙවෙයි
මගේ කොපුල් තෙමුණු කඳුළු...
ඔය හමන්නෙ සුළඟ නෙවෙයි
මගේ සුසුම් තරඟ නැගුණු...
(2010 ට පෙර)
No comments:
Post a Comment