ගිම් කලත් ගෙවී ගිහින් - වසන්තය ඇවිත්තුරුගොමුද සිනා සෙතේ - ලා පලා ගෙනත්
සුරඟනන් හිස පළන් - මල් කිනිත් රුවැත්
නේක වර්ණ මල් වෙසෙස් - සුරලොවින් ඇවිත්
පිනි බිඳිත් වැටී වැටී - ඇගේ ගෙල මතත්
වෙසස් රූ රටා වැටී - මුතු පටක් තනත්
රෝස පාට මල් වැසී - නිරතුරා වසිත්මල් වැටී මල් වැටී - පාවඩ තනත්
මහවැලි නදී - රිදී සේලයත් සදත්
දෑවුරූ මල් සැදී - නේක වැඩ දමත්
නිමා නෑ රුව වනා - මනාළිය රුවැත්
ඉසුඹුලමි මඳක් ඉතින් - වනමි යලි යලිත්
(2011)
No comments:
Post a Comment